Posts

Showing posts from October, 2022

Namal

Image
උඩවලවේ සුපිපි නාමල ....    සදමල් රශ්මි .ශ්‍රී. බුද්ධික (sandamal202@gmail.com) මව් සෙනෙහසට සම කළ හැකි අන් කිසිවක් හෝ මේ මිහිමත ඇත්ද? ඒ පිය සෙනෙහස විය හැකැයි තව කෙක් තර්ක කළ හැකිය. ඒ කෙසේ වෙතුදු මව් - පිය සෙනෙහස නොඅඩුව විදිමේ භාග්‍ය උදා වු ළමා ළපැටියන් වෙත් නම් ඔවුන් මෙළොව ජනිත වු සැබැ භාග්‍ය වන්තයින් සේද හැදින්විය හැකිය. එසේම මාපිය - දූ දරු සෙනෙහසට නිගරු වන සිදු වීම්ද කාර්ය බහුල වු මිනිස් සමාජය තුළ දී නිරන්තරවම අසන්නට දකින්නට ලැබේ. එවැනි වු අපමණ වු අතපසුවීම් අතරේ දවසැරිය ගෙවනා අයවලුන් අතරේත් මිනිසත් බවට නවමු වු අරුතක් එක් කිරිමට නිබදවම වෙහෙසෙන මිනිසුන්ද අපට හමු වේ. ඔවුන් සතු මනුසත් ගුණ දහම් කෙතරම් ද යත් මිනිසුන්ට පමණක්ම නොව ඒ දයාද්‍ර වු සිත අසරණ භාවයට පත් වු තිරිසන් සතුන් වෙතද යොමු වේ. වනඅලි රංචුවක නායකත්වය හිමි වන්නේ අත්දැකීම් බහුල ගැහැණු සතෙකුට වන අතර ඈ තම රංචුව පිළිබදව නිරන්තර අවධානයෙන් පසු වේ . එබැවින් රංචුව නියෝජනය කරනා කිසිවෙකුත් හෝ අනතුරකට භාජනය වන තීරණයක් ඇය නොගනියි. පිරිමි පාර්ශවය නියෝජනය කරන්නවුන් ස්වකීය ආලවන්තකම් පෑමට පමණක් මෙවැනි වු රංචුවක් වෙතට ඇදී එන අතර ඔහුගේ ආරාධනය පි