සොබාදහමේ අපූර්ව නිමැවුම “මහ හැඩයා”
ශ්‍රී ලංකාවේ ශාක ප්‍රජාව අතර හමුවන අතිශය දුර්ලභ වටිනා ශාකයක් වන මහ හැඩයා සොබාදහමේ අපූර්ව නිමැවුමකි. ස්වභාවික පරිසරයේදී දුලභ ශාකයක් වන මහ හැඩයා, සිහිල් සෙවනැති අඳුරු භෞමික පරිසරවල ධාරක ශාකයන් මත වැඩෙන අපිශාකයක් ලෙස හෝ ගලක් උපස්ථරය කරගෙන ගල්මත හෝ පාසි සහ අනෙකුත් අපිශාක අතරේ වාර්ථා වේ. LYCOPODIACEAE කුළය (Family: Lycopodiaceae P.Beauv. ex Mirb) යටතේ වර්ග කර ඇති මහ හැඩයා, උද්භිද විද්‍යාත්මකව Phlegmariurus phlegmaria (L.) Holub (Huperzia phlegmaria (L.) Rothm., Lycopodium phlegmaria L.) නමින් හඳුන්වනු ලබයි. මල් හෝ බීජ හට නොගන්නා මෙම ශාකය බීජාණු මගින් ප්‍රචාරණය සිදුවේ. ව්‍යාප්තිය:— පහතරට තෙත් කලාපයේ වර්ෂා වනාන්තරවල, කඳුකර හා උප කඳුකර වනාන්තරවල ව්‍යාප්ත වී ඇති මහ හැඩයා සිංහරාජය රක්ෂිතය, ශ්‍රී පාද ස්වභාව රක්ෂිතය, කිතුල්ගල, කන්නෙලිය, නාකියාදෙණිය වනාන්තර වලින්ද, නිල්ගල, රතුගල, හොර්ටන්තැන්න, හග්ගල දැඩි ස්වභාව රක්ෂිතය හා ඒ ආශ්‍රිත වනාන්තර වලින්ද හමුවේ. ශ්‍රී ලංකාවෙන් පිටත ඉන්දියානු සාගර කලාපයේ දූපත් ආශ්‍රිතව, මැඩගස්කරය, හිමාලය ආශ්‍රිත වනාන්තර සහ පැසිපික් කලාපයේ දූපත් ආශ්‍රිත වර්ෂා වනාන්තරවල ...