Posts

Showing posts from September, 2022

TAXIDERMY

Image
දැන ගෙන කළොත් හරි මග නොදැන කළොත් අතර මග .........................  සදමල් රශ්මි ශ්‍රී බුද්ධික (sandamal202@gmail.com)  ඔක්තෝබර් මස 01 වැනි දිනට යෙදෙන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ 73 වසර සපිරීම නිමිත්තෙන් සංරක්ෂණයේ නවමු සංකල්පයක් වන චර්මපරිකල්ප ශිල්පය පිළිබදව කෙරෙන විමසුමකි.  Video චර්මපරිකල්ප ශිල්පයේ පුරෝගාමියා ඒ.එල්. ජයසූරිය වනජීවී සංරක්ෂණ විෂය පථය පුළුල් පරාසයක් තුළ දිව යන්නක්. මානවයාගේ හිතසුව පිණිස සොබාදහමින් සිදු වන නිහඩ සේවය මිනිසාගේ සිතුම් පරාසයටත් ඔබ්බට විහිද යයි. සොබාදහමේ හැසිරීම කෙබදු දැයි හගවන්නට මිනිසා හමුවට පැමිණ සිටින දූතයන් ලෙස ගහ කොළ සතා සිව්පාවුන් හැදින්විය හැකිය.  ශ්‍රී ලාංකේය වනජීවී සම්පත සුරක්ෂිතව අනාගතයට දායාද කිරීමේ භාරදූර වු රාජකාරියට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අවතීර්ණව හිදියි. මේ වන විට වසර 73 කට ආසන්න අත්දැකීම් සම්බාරයකින් පිරිපුන්ව ලැබූ අත්දැකීම් සහ විෂයානුබද්ධ පර්යේෂණාත්මක පසුබිමක පිහිටමින් සංරක්ෂණයේ නවමු මානයන් කෙරෙහි අවධානය යොමු කර ඇත. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සංරක්ෂණ පණිවිඩ ජනතාව අතරට රැගෙන යා හැකි නවමු සංකල්පයක් ලෙස සංරක්ෂණයට භාජනය කළ සත්ත්ව නිදර

සොබාදහමේ අපූර්ව නිමැවුම “මහ හැඩයා”

Image
ශ්‍රී ලංකාවේ ශාක ප්‍රජාව අතර හමුවන අතිශය දුර්ලභ වටිනා ශාකයක් වන මහ හැඩයා සොබාදහමේ අපූර්ව නිමැවුමකි. ස්වභාවික පරිසරයේදී දුලභ ශාකයක් වන මහ හැඩයා, සිහිල් සෙවනැති අඳුරු ‍‍‍භෞමික පරිසරවල ධාරක ශාකයන් මත වැඩෙන අපිශාකයක් ලෙස හෝ ගලක් උපස්ථරය කරගෙන ගල්මත හෝ පාසි සහ අනෙකුත් අපිශාක අතරේ වාර්ථා වේ. LYCOPODIACEAE කුළය (Family: Lycopodiaceae P.Beauv. ex Mirb) යටතේ වර්ග කර ඇති මහ හැඩයා, උද්භිද විද්‍යාත්මකව Phlegmariurus phlegmaria (L.) Holub (Huperzia phlegmaria (L.) Rothm., Lycopodium phlegmaria L.) නමින් හඳුන්වනු ලබයි. මල් හෝ බීජ හට නොගන්නා මෙම ශාකය බීජාණු මගින් ප්‍රචාරණය සිදුවේ. ව්‍යාප්තිය:— පහතරට තෙත් කලාපයේ වර්ෂා වනාන්තරවල, කඳුකර හා උප කඳුකර වනාන්තරවල ව්‍යාප්ත වී ඇති මහ හැඩයා සිංහරාජය රක්ෂිතය, ශ්‍රී පාද ස්වභාව රක්ෂිතය, කිතුල්ගල, කන්නෙලිය, නාකියාදෙණිය වනාන්තර වලින්ද, නිල්ගල, රතුගල, හොර්ටන්තැන්න, හග්ගල දැඩි ස්වභාව රක්ෂිතය හා ඒ ආශ්‍රිත වනාන්තර වලින්ද හමුවේ. ශ්‍රී ලංකාවෙන් පිටත ඉන්දියානු සාගර කලාපයේ දූපත් ආශ්‍රිතව, මැඩගස්කරය, හිමාලය ආශ්‍රිත වනාන්තර සහ පැසිපික් කලාපයේ දූපත් ආශ්‍රිත වර්ෂා වනාන්තරවල