සදමල් රශ්මී ශ්‍රී බුද්ධික වනසත්ව අඩවි සහකාර වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව බස්නාහිර පළාතේ ජන ගහණය වැඩිම ගම්පහ දිස් ත්‍රි ක්කය යනු කාර්ය බහුලත්ත්වයේ උපරිමය සනිටුහන් කළ නගරයක් බව නොරහසකි . මිනිසුන් තමන්ගේ දෛනික අවශ්‍යතාවයන් සදහා ඔබ මොබ වීදි ඔස්සේ ඇවිද යන්නේ ඇවිස්සුණු කුහුඹු ගුලක කුහුඹුවන් රැළක් සිහියට නගමින්ය . එනමුදු නගරය මධ්‍ය යේ සිට නගරයෙන් පිටතට විහිදුණු මර්ග දිගේ ටික දුරක් ඇවිද යා හැකි නම් කාර්යබහුලත්ත්වයෙන් පිරිනු නාගරික මානසිකත්ත්වයෙන් මිදීමේ හැකියාව ඇත . ඊට හේතුව වන්නේ විසල් වු පරාසයක් පුරාවට විහිදි ගිය කුඹුරු යායන් ගෙන් සුසැදි තෙත් බිම් පරිසර පද්ධතීන් එක්ව මතු කරනා සුන්දරත්ත්වය විසින් නාගරිකත්වයේ ඇති ගොරසැඩි බව ගිල ගන්න නිසාවෙන්ය . රටකට අනන්‍ය වුණු සොබා සුන්දරත්ත්වය සංවර්ධනය නාමයෙන් ගිලිහි යන්නේ සීග්‍රගාමීවය . සංවර්ධනය වන රටකට එය සාමාන්‍ය තත්ත්වයකි . ශ්‍රී ලංකාව බදු රටකට එම තත්ත්වය බෙහෙවින්ම බලපානුයේ රටට හිමි භූමිය සීමිත බැවින්ය . වැඩි වන ජන ගහණයට සාපේක්ෂව මේ සීමිත වු ඉඩ කඩ තුළ ඉටු කර ගත යුතු මානව අවශ්‍යතා අසීමිතය . බොහෝ විට සිදු වනුයේ සංවර්ධනය නාමයෙන් ඉඩක් සොයා ගනු වස් ඉ