TAXIDERMY
දැන ගෙන කළොත් හරි මග නොදැන කළොත් අතර මග ......................... සදමල් රශ්මි ශ්‍රී බුද්ධික (sandamal202@gmail.com) ඔක්තෝබර් මස 01 වැනි දිනට යෙදෙන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ 73 වසර සපිරීම නිමිත්තෙන් සංරක්ෂණයේ නවමු සංකල්පයක් වන චර්මපරිකල්ප ශිල්පය පිළිබදව කෙරෙන විමසුමකි. Video චර්මපරිකල්ප ශිල්පයේ පුරෝගාමියා ඒ.එල්. ජයසූරිය වනජීවී සංරක්ෂණ විෂය පථය පුළුල් පරාසයක් තුළ දිව යන්නක්. මානවයාගේ හිතසුව පිණිස සොබාදහමින් සිදු වන නිහඩ සේවය මිනිසාගේ සිතුම් පරාසයටත් ඔබ්බට විහිද යයි. සොබාදහමේ හැසිරීම කෙබදු දැයි හගවන්නට මිනිසා හමුවට පැමිණ සිටින දූතයන් ලෙස ගහ කොළ සතා සිව්පාවුන් හැදින්විය හැකිය. ශ්‍රී ලාංකේය වනජීවී සම්පත සුරක්ෂිතව අනාගතයට දායාද කිරීමේ භාරදූර වු රාජකාරියට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අවතීර්ණව හිදියි. මේ වන විට වසර 73 කට ආසන්න අත්දැකීම් සම්බාරයකින් පිරිපුන්ව ලැබූ අත්දැකීම් සහ විෂයානුබද්ධ පර්යේෂණාත්මක පසුබිමක පිහිටමින් සංරක්ෂණයේ නවමු මානයන් කෙරෙහි අවධානය යොමු කර ඇත. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සංරක්ෂණ පණිවිඩ ජනතාව අතරට රැගෙන යා හැකි නවමු සංකල්පයක් ලෙස සංරක්ෂණයට භ...